Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post

Latest topics

» Market will be Green today
by ruwan326 Today at 10:44 am

» Sri Lankan shares rise to 3-wk high on foreign buying
by ruwan326 Today at 5:45 am

» Fitch Downgrades Melsta Regal Finance; Affirms Nine Sri Lankan Finance Companies
by ruwan326 Today at 5:42 am

» Daily Foreign Transactions
by lahiru28 Yesterday at 8:06 pm

» Free earn 120$...or above
by ruwan326 Yesterday at 8:02 pm

» Shares to Avoid
by ruwan326 Yesterday at 1:43 pm

» i am new comers forum
by NST Sayan Yesterday at 11:29 am

» How to pick winning stocks by analysis not through predictions and gossip news-1
by ruwan326 Yesterday at 6:59 am

» ALHP WILL MOVE UP SOON
by ruwan326 Tue Jul 17, 2018 8:40 pm

» expo.. @4.00
by ruwan326 Tue Jul 17, 2018 8:34 pm

» Wach out for RIL
by ruwan326 Tue Jul 17, 2018 10:41 am

» MARKET CRASH - GUARANTEED
by anjelo Tue Jul 17, 2018 10:31 am

» FLCH , BIL
by anushka25 Mon Jul 16, 2018 10:18 pm

» LDEV GEARING UP
by ruwan326 Mon Jul 16, 2018 8:06 pm

» Monday blood bath
by ruwan326 Mon Jul 16, 2018 12:41 pm

» Sri Lankan shares extend gains to 2-week closing high
by ruwan326 Mon Jul 16, 2018 11:40 am

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Charts & Graphs » දන්න හඳුනන මහා පරිමාණ කොටස් වෙළෙන්දෙකුගේ සහ ඊට සම්බන්ධ පිරිසකගේ කූට උපක්‍රම

දන්න හඳුනන මහා පරිමාණ කොටස් වෙළෙන්දෙකුගේ සහ ඊට සම්බන්ධ පිරිසකගේ කූට උපක්‍රම

Go down  Message [Page 1 of 1]

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
පෙර සටහන :-

"අප මෙහිදී අදාල පුද්ගලයින් කූට අන්දමින් ඉතා සියුම්ව උපායශීලීව මිනිසුන් නොමග යවමින් එක් එක් පුද්ගලයන්ව තම අභිමතය පරිදි කොටස් වෙළඳපොලේදී රැවටීම මගින් තමන්ගේ කොටස් විකිණීම හෝ මිලදී ගැනීම ඉතා සූක්ෂමව තොග පිටින් කරන අයුරු ගැන හෙළිදරව් කිරීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන රතු ඡන්ද වලින් එම පුද්ගලයන්ට සිටින හිතවතුන් පිළිබඳවද ඉතා හොඳින් පැහැදිලිවම අදහසක් ලබා ගත හැකි බවද මතක් කරමු."


|+| Re: Is it worth to collect REEF.W0019??? |+|

~ Post by player on Tue Aug 19, 2014 5:35 pm ~

Hi all, you may remember i told you about the trends of it in previous years. Sadly i have to say to quit from it. Last 2 weeks i sold my 2Mn of REEF W19 from different nominee accounts and will not buy it now. But will buy whatever available if it reach 1-1.20 levels in OCT-NOV when market going to have a some cooling off.

So now i don't have any idea about it, but if you holding it then try to sell at your best price. GL

"මොහු මෙහිදී තමන් කිසිවක් නොදන්නා අයකු බව පෙන්වීමට මෙන් තමා සතු ඒවාද විකිණූ බවත් දැන්ම නොගෙන සිට පසුව ගන්න යැයි උපදෙසක්ද දී ඇත."


|+| Re: Be careful with JUNK....! |+|

~ Post by player on Sun Aug 24, 2014 7:40 pm ~

*****......... lolz

That the answer for loosers like you in a bull market

First investors
Then traders
After speculators/ manipulators
Finally suckers

We are yet at the stage of 3, give your advise when we come to final stage, so stop this ***** talks. Let the trend go and it will be your friend

"මොහු මෙහිදී තමන් තවමත් වෙළඳපල හසුරුවන්නන්ගේ ගණයට අයිතිවන බවත් ඉදිරියේදී රිරී මාංෂ උරා බොන්නන්ගේ තරම් දරුණු තත්වයකට පත්වන බවට කල්තියාම අනතුරු ඇගවීමක්ද නිකුත්කර ඇත."


~ Post by player on Sun Aug 24, 2014 7:53 pm ~

i made a worse decision just before it run and i had to collect again at avg cost of 2.30 now. But only managed to buy 1.8Mn so i will buy further.
Easy to climb to 4-5

"මොහු මෙහිදී කියා සිටින්නේ දින කිහිපයකට පෙරදී කියූ දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ප්‍රකාශයකි. තමන් ඉතාමත්ම වැරදි තීරණයක් ගත් බවත් තමන් එම කොටස් නැවතත් එක්තරා ප්‍රමාණයකට පමණක් සීමාකර මිලදී ගන්නා බවත් ඔහු ඉතා අවංක පුද්ගලයෙක්ගේ ස්වරූපයෙන් කියා සිටී. එලෙසම ඉතාමත්ම පහසුවෙන් රු. 4-5 දක්වා ඉහල නගින බවටද මතක් කිරීමට එහිදී ඔහු ඉතා සූක්ෂම අන්දමින් තමන්ගේ ප්‍රකාශය යොදාගෙන ඇත."


~ Post by player on Mon Aug 25, 2014 4:17 pm ~

Hi dougieboy..

I collected heavy quantities of SFL, but you will never find me in top 20 list. Same way i played in REEF.

Most of sell orders at 2.80-3.20 in reef was mine, im the seller at 3 and same day i collected my qty at 2.60-2.70 easily.

First identify how crowd behave to different ways, when i put 300k at 2.80, they sell 2.70 and im at the buy in 2.60. That the way i collect. GL

The best party is yet to begin when REEF N make its journey. Then i will freeze my warrants.

"මෙහිදී මොහු තමන්ගේ කලින් දක්ෂතාද ඉතා ඉහලින් වර්ණනා කිරීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත්වී ඇත. මොහු කෙතරම් හොඳින් බොරු කියන කපටි පුද්ගලයෙක්ද යන්න හඳුනා ගැනීමට නම් රු. 4-5 දක්වා ඉහල යන බව කී කොටස් රු. 3.10 දක්වා පමණක් 25-08-2014 වන දින ඉහල යාමෙන්ද එම ඉහල යාමේ ක්‍රියාවලියේදී තමන්ගේ දායකත්වය කෙසේ සිදුවූයේද යන්නද ඉතා හොඳින් පැහැදිලිවම පෙන්වාදීමටද ඔහු අමතක නොකර සිටී. මෙහිදී තමන් ඉතා සැලකිය යුතු ලාභයක්ද ගෙන තමන් දින කිහිපයකට පෙර එකතු කරගත් ඒවා විකුණා දැමූ සැටි තලු මරමින් ඉතා සතුටින් කියා සිටිමින්ද එදිනම රු. 2.60 ටද නැවතත් තමන් මිලදී ගත් අපූරුව දක්ෂ ලෙස පෙන්වාදීමටද සමත්වී ඇත. ඊලගටද සිදුවන්නේ මෙවැනි ආකාරයේම ක්‍රියාවක්ම බවද අවසානයේදී ඒත්තු ගන්වා ඇත."


~ Post by player on Tue Aug 26, 2014 3:28 pm ~

As i told you, REEF N started the game, Now see the warrant play here onward. GL

"මෙහිදී මොහු නැවතත් ඉදිරියේදී තමන් නැවතත් මෙවැනිම ක්‍රියාවක් සිදු කිරීමට සූදානමින් සිටින බවටද කෙලින්ම නොකියා සිටීමට ප්‍රවේශම්වී ඇත."


|+| Re: REEF W will be same as greg w6? |+|

~ Post by player on Tue Aug 26, 2014 4:40 pm ~

You just see the price on next monday. GL

"මොහු මෙහිදී අදහස් කලේ නිසැකවම කුමක්දැයි කියා පහත පින්තූරයේ ඇති පසුගිය සතියේ දින 5 තුල සිදුවූ ගණුදෙනු වල සාරාංශය විමසීමෙන් පෙන්නුම් කෙරේ. සඳුදා යනුවෙන් සඳහන් කල 01-09-2014 දින ගණුදෙනු දෙස විමසිල්ලෙන් බලන්න."
http://i39.servimg.com/u/f39/18/97/07/82/sep10.jpg


|+| Re: Mandatory offer for SDB @ 180-200 |+|

~ Post by player on Fri Aug 29, 2014 10:17 pm ~

hi, im not much clear on you, you may check my previous posts, i was here when you are a kid.

Btw im a trader, So i continually recycling my shares in reef w19. As i told you earlier, the real game begins when REEF N start its journey.

As a note- Now w19 trades at 2.6-2.70, so do you know why there is heavy orders in 3.00-3.20? So this will reduce buying side and will increase the selling in lower range. Most retailers will sell now thinking its the end of trend. Actually its the way of easing selling pressure on upper bands. Thats the part of game which effect on crowd mentality.

Learn and get the experience. GL

"මොහු මෙහිදී තමන්ගේ පැරණි කෙරුවාව දැන ගැනීමට කලින් මෙහි දක්වන ලද අදහස් සොයා බලන ලෙසත් එසේම තමන් කොටස් වෙළඳපල තුල ගණුදෙනු කරන තොග වෙළෙන්දෙක් බවටද තමා දිගින් දිගටම අහවල් කොටස් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් කියා සිටියි. (මොහුට කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආයතනයක අයිතියද ඇත්තේදැයි යන්න ගැන දන්නේ ඔහු පමණකි.)"

"මොහුගේ එම ක්‍රියාවලිය 25-08-2014 වන දින සක්සුදක්සේ ඉතා හොඳින් දැක බලා ගැනීමට හැකි වූයේ රු. 4-5 දක්වා ඉහල යනවා යැයි විශ්වාසයෙන් යුතුව පුරසාරම් දෙඩවූ ඔහුම තමන්ගේ කොටස් තොග පිටින් විකුණා දැමූ ආකාරය ගැන නැවතත් 25 වන දින සවසම කපටි නරියෙක්ගේ ස්වරූපය හුවා දක්වමින් කල විස්තර කිරීමෙන් පසුවය. තවදුරටත් තමන් ඇතුළු කපටීන් රැලකගේ ක්‍රියාවේ ඇතුල් පැත්තේ ඇති සැගවුනු රහස් වල රසයද සුළුවෙන් පැහැදිලි කිරීමටත් ඔහු අමතක නොකරම වග බලාගනී. එසේම ඉදිරියේදීද මෙවැනිම වූ තෝර-මෝර සැණකෙලියක් හැම දෙනාටම ඉතා විශිෂ්ට අන්දමින් දැක බලා ගත හැකි බවටද පූර්ව නිවේදනයක් මෙහිදීම නිකුත් කිරීමට ඔහු සියුම් අන්දමින් සමත්වී ඇත."


~ Post by prabath on Sat Aug 30, 2014 8:13 am ~

SomyBoy you are just a "someboy" around the park who just comment nonsense here.We know about player.

"මොහු ක්‍රීඩකයාව ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන බව කීමෙන්ම ලොක්ක හින්ද අපිත් ඉන්නවා, අපි හින්ද ලොක්ක ඉන්නවා, ලොක්ක අපිව බේරගන්නවා, අපි ලොක්කව බේරගන්නවා යන ප්‍රකාශය මුළු මහත් සමාජයටම ප්‍රසිද්ධියේ කියාදෙයි. ඊටත් වඩා මෙමගින් ඔහු නොකියා කීමට උත්සහ කරන්නේ ලොක්කාගේ කටු කන්නෙක් වන තමන් ලොක්කාටත් වඩා සැර වැඩිය යන සමාජයේ කවුරුත් දන්නා ප්‍රකට සත්‍ය කරුණ තව දුරටත් තහවුරු කිරීමටයි."


~ Post by mark on Sat Aug 30, 2014 2:08 pm ~

lolz, seems the "some boy" is the right username to him. Ah we also know about the player.

@player- are you playing with SDB also? Then it sure will be a gem like SFL.

"මොහුද ක්‍රීඩකයාට ඉතාමත්ම පක්ෂපාතීව තම අදහස් දක්වමින් තමාද ලොක්කාගේ යටිකූට්ටු වැඩ ගැන හොඳ හැටි දන්නා බවත් ලොක්කාගේ හිතවත්කමෙන් අපිටද ඉතා පහසුවෙන්ම වැඩි වාසි ලබා ගත හැකි බව තරයේම අත්දැකීම් තුලින්ම දන්නා අයෙකි. තවදුරටත් ලොක්කාගේ හොඳ හිත වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා ඉදිරි කෙරුවාව ගැනත් අසමින් කලින් කෙරුවාවේ රසය ගැනත් මතක් කර දෙයි."


~ Post by player on Tue Sep 02, 2014 12:40 am ~

Hi MARK!
So nice to see you buddy! Forum is full of some/somy jokers since we miss many old members like you. So have to deal with them also when we put a post. Btw Hope you saw the way players control the emotions of retailers in SFL, REEF & SDB. You got what i said? Its just like ESL play.
KIT
GL

"මොහු මෙහිදී ඉතා කනගාටුවෙන් මෙන් තමාට ගැතිකම් කරන්නට සිටි පැරණි නිවටයින් ගැන මතක් කරමින් දැනට සිටින හෙන්චයියන් අතරින් ඔබ ඉතාමත් හොඳින් සාර්ථකව තමන්ට තවමත් සුවච කීකරුව නකුට වනාගෙන බැල මෙහෙවරකම් කිරීමේ කාර්යභාරයේ නියැලී සිටින බව ඉතා සතුටින් යුතුව මතක් කර එම ක්‍රියාව ඉතා අගේ කොට සලකයි. එමෙන්ම වර්තමානයේදී නම් එවැනි නිවටයින් එතරම් සුලබ නොවන බවද මතක් කරමින් තමන් ඇතුළු කපටීන් රැලකගේ දිය යටින් ගින්දර ගෙනයාමේ කූට උපක්‍රමික ක්‍රියාවලීන් තුන හතරක් ගැනද මහත් උජාරුවෙන් තම බත්බැලයාට කීමටද අමතක නොකරයි."


|+| Re: AN EXCELLENT PRACTICAL LESSON TO LEARN FOR EVERYONE WHO ARE DEALING WITH CRAPS |+|

~ Post by player on Tue Sep 02, 2014 11:50 pm ~

Hi IO3,
There were many fail stories behind me, but one or two successful stories made my way. The market is base on emotions as i learned in this much of years in my experience. Random walk theory is a myth. In a market, the Individuals act rationally in the process of decision making, by taking all available information. But there is clear proofs to show many repeated patterns of irrationality in the way human mind arrive at decisions and choices when faced with uncertainty. So their way of behavior and emotions do control the market as whole. So it is just that they understand the importance of emotions in trading, and train their mind not to mix emotions with decisions.
As an example, Do you remember the time when REEF W19 reached 2Rs in few years ago? And how it pushed to 8 again in no time.

I didnt manipulate anything, i just trade with trend. I dont see anything bad on it. i gave the tips and didnt told anyone to buy.
Read this thread,
http://forum.srilankaequity.com/t31083-unloading-reefw0019-2

"මොහු මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉතා බරපතල වචන භාවිතාකර කරන පැහැදිලි කිරීම් හමුවේ සිහියට නැගෙන්නේ බුදු මහේෂ් වැනි පුද්ගලයන්ය. මොහුද ඊට කුමන ආකාරයකින් හෝ නෑකම් කියන්නෙක් නොවේ යැයි කාටනම් කිව හැකිද? තමන් අවංක පුද්ගලයෙක් බවත් තමන් හුදෙක් වෙළෙන්දෙක් පමනක් බවත් කීමට මොහු පැරණි තොරතුරුද ගෙනහැර දක්වයි. මෙහිදී තමන් කොටස් වෙළඳපල හසුරුවන්නෙක් නොවන බවට තරයේම කියා සිටින්නේ 24-08-2014 දින ලොල්ස් (හිනා) වෙමින් මහත් ඉහලින් තමන්ගේ තේජවන්ත බවද උලුප්පා පෙන්වමින් කල ගාම්භීර ප්‍රකාශයද ඔහුට අමතක වී ගොස් ඇති ලෙසටය."

"ඉහලින් අප උපුටා දක්වා ඇති ඔහුගේ එම සඳහන් කිරීමට අනුව නම් ඔහු තවමත් සිටින්නේ 3වන අධියරේ එනම් හසුරුවන්නන්ගේ කාණ්ඩයේ බවත් ඉදිරියේදී 4වන අධියරට ප්‍රවේශ වීමෙන් පසු ප්‍රවේශම්වීමේ නිවේදන නිකුත් කිරීම හොඳ බවත් මතක් කර දී ඇත. රැල්ලට අනුව කටයුතු කිරීම තමන්ගේ වාසියට වැඩි වශයෙන් හේතුවේය යන්නද ඔහු මතක් කර දෙන අතරම රැල්ලේ වැඩි වාසි තමන් ඇතුළු කෙලවල්ලන් පිරිසකට නිසැකවම අත්වන බවටත් ඉතාම ඉහලින් යුතුව එම වාසි අත්විඳීමට හැකිවීම පිළිබඳවද කල්තියාම උදම් ඇනීමක්ද මෙහිදී සිදුකර ඇත."


"ඉන් පසු නැවත 04-09-2014 වන දින ප්‍රති උත්තර දීමක් ලෙස ක්‍රීඩකයා කිසිම දාක නොවූ විරූ අයුරින් ඔවුන්ගේ වර්ගයේ අයගේ කෙරුවාවෙන් ඉතා සුළු බිඳක් විස්තර කර හිමින් සීරුවේ ලිස්සා ගියේය. (ඔහුගේ අවසන් විස්තර ප්‍රකාශය දැක ගැනීමට පහත ලින්ක් එකේ ඔහුගේ ඉහත දිනැති ප්‍රකාශය බලන්න.)"
http://forum.srilankaequity.com/t36333-an-excellent-practical-lesson-to-learn-for-everyone-who-are-dealing-with-craps


|+| Re: Be Careful REEF.N and REEF.W |+|

~ Post by prabath on Sat Sep 06, 2014 9:07 am ~

lolz,beware of your doubts in a bull run.

"මොහු ක්‍රීඩකයාගේ සුවච කීකරු ගෝල බාලයෙක් බවත් තමන් යැපෙන්නේද එම ලොක්කාගෙන් බවත් මුළු ලෝකයටම කියාපාන මේ ප්‍රකාශයෙන් ඉතා හොඳින් පැහැදිලිවේ. මොහුටද මේ දිනවල ලොල්ස් (හිනා) යනවා ඉතා වැඩිය. ඊට හේතුව නම් වෙන කිසිවක්ම නොව ක්‍රීඩකයාගේ සූක්ෂමව මිනිසුන් ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලියට මොහුටද ප්‍රයෝගිකව සම්බන්ධවීමට ඉතා ඉහලින් හැකියාව ලැබී තිබීමත් එමගින් තමන්ටද ඉතා ඉහලින් වාසි සැලසෙන නිසාත්ය."

"එසේම ලොක්කාගේ කූට උපක්‍රමවලට කිසියම් අවාසියක්, තර්ජනයක් එල්ලවේයැයි ඔහුට සැක සිතෙන කරුණක් මේ ෆෝරම් එකේ කොතැනක හෝ අදහසක් ලෙස දක්වා තිබුනහොත් මොහු වහාම එතැනට පැන ලොක්කාගේ කපටි ක්‍රියා පිළිවෙතට ඉතා ඉහලින් සහයෝගයක් දීමට සමත්වන ආකාරයෙන් ඉතා හොඳින් දක්ෂ ලෙස ඉදිරිය ඉතා සුභදායක බවත් බිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් හුවා දැක්වීමට පසුබට නොවීමත් ඉතා හාස්‍ය ජනක නිහීන පහත් පෙලේ ක්‍රියාවක් බවද මෙහිදී මතක් කර දීය යුතුය."


පසු සටහන :-

"අප මෙම සියලු උපුටා දැක්වීම් වලින් ඔබට පෙන්වීමට අදහස් කරන්නේ රුපියල් මිලියන ගනන් වලින් කොටස් තොග පිටින් මිලදී ගෙන කෘතීමව ගනන් උස්සා ඉහලදී තමන්ගේ කොටස් විකුණා දමමින් සතුටුදායක ලාභයක්ද ගෙන නැවතත් මිල පහතට බස්සවා නැවත නැවතත් කොටස් අඩු මුදලට මිලට ගෙන දිගින් දිගටම මෙම පහත් පෙලේ ජාවාරම ජයටම කරමින් සමාජයේ සුපිරි පන්තියේ වැජඹෙන, කොටස් වෙළඳපල ඒකාධිකාරයක් පවත්වාගෙන යන අධම පිරිසක් ගැනය. මීට උඩගෙඩි දෙන්නන්ද මේ ෆෝරම් එකේ තව බොහෝ සිටී."

"ඉදිරියේදී ද වෙනස් ආකාරයේ වෙස් මුහුණු දමාගෙන ඔබ හමුවට පැමිණෙන මොවුන් මුලින්ම සිදු කරන්නේ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්විය හැකි මට්ටමේ සැබෑ කොටස් වෙළඳපොල තුල මිල ඉහල යාමේ ප්‍රවනතාවයන් ගැන කලින්ම දැනුම් දී පුද්ගලයන් තුල තමන් පිළිබඳව අචල විශ්වාසයක් ගොඩනගා ගැනීමයි. ඉන් පසුව ඔවුන් තමන්ගේ කූට මුදල් ගැරීමේ ජාවාරම ඉතා සාර්ථකව ඉදිරයට අවහිරයකින් තොරව කරගෙන යයි. මෙයට අසුවූ සේම අසුවන්නට නියමිතව සිටින අයද බොහෝය. මොවුන් ගෙන් ප්‍රවේශම් වීමේ ඒකායන මාර්ගය නම් මෙහි සිටින අවංක පුද්ගලයන් හරි හැටි හඳුනා ගෙන ඉතා පරිස්සමින් ගණුදෙනු වල නිරත වීමයි."

"කෙසේ වුවත් බලවත් හොරුන්ගේ සහ වංචාකරුවන්ගේ ගල් පැලෙන මුසාබස් වලට රැවටී ඔවුන්ගේ කෙස් පැලෙන තර්ක වලට අසුවී තමන්ගේ මහන්සියෙන් උපයාගත් මුදල් මකර කටට යන්නට ඉඩදීම නොදීම ඔබ සතු වගකීමක් සහ කාර්යභාරයක් වන අතර අපට හැකි වන්නේ මග පෙන්වාදීම පමණකි. මග හරිහැටි යන නොයන බව ඔබ විසින් තීරණය කල යුතු කරුණකි. තමන්ට සිටින්නේ තමන් පමණක්ම බව තේරුම් යන්නේ කරදරේක වැටුණු පසුවය. ඒ දක්වාම කැරට් අල පෙන්වීමට අවශ්‍ය තරමටත් වඩා අය සිටිති. දඩයක්කරුවන්ගේ ඉතාම සියුම්ව සැලසුම් සහගතව දියත් කරන ලද ක්‍රියාවලිය අවසානයේදී ග්‍රහණයට හසුවී විනාශ මුඛයට පැමිණි පසු තමන්ට උපදෙස් දුන් අයද උදව් කිරීමට සැදී පැහැදී සිටි අයද කොහේ අතුරුදහන් වුනා දැයි සොයා ගැනීමටවත් නොහැකිය."

"අවසන් වශයෙන් මතක් කර සිටින්නේ කූට වෙළෙන්දන්ට හසුවූ වැඩි පිරිසක් ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය යන සත්‍යයට ඉඩදී තව තවත් ළිඳ තුලටම වැටී වෙහෙසට පත් වීමෙන් අසාර්ථක උත්සාහයක නිරත වෙමින් තමන්ගේ ජීවිතය මහා අවුල් ජාලයක් කර ගනිමින් සිටින බවයි. අතීතයේදී තමන්ට විඳින්නට සිදුවූ ඒ අමිහිරි කටුක අත්දැකීම් වලින් තවමත් යථා තත්වයට පත්වීමට බැරිව තමන්ගේ දුක් සුසුම් අඳෝනා අන් අයටද දන්වා ඒවායින් කෙසේ හෝ ඉදිරියටවත් පුද්ගලයින් ගලවා ගැනීමට අහිංසකව එහෙත් ඉතා අවංක අයුරින් ඉහලින් අගය කල යුතු තරමේ උත්සාහයන් ගන්නා ඉතා උතුම් මිනිස් ගුණාංගයන් ගෙන් සමන්විත සුන්දර මිනිසුන් පිරිසක් ද මෙම ෆෝරම් එකේ අවංකව සෘජුව නොපැකිලිව තම අදහස් දක්වන අයගේ ගොඩට ඉඳහිට හෝ එකතුවී සිටීම ගැන අප ඔවුන් සියලු දෙනාටම හිස නමා අපගේ අවංක කෘතවේදීත්වය සහ ආචාර ප්‍රණාමය පුදකර සිටීමටද මෙම සටහන නිමාවන මොහොත අවස්ථාවක් කර ගන්නෙමු."

ස්තූති කිරීම :-

"මෙම වෙබ් අඩවියේ සහ ඊට පිටින් සිටින කොටස් වෙළඳපල ගණුදෙනු වල නිරත වී සිටින තමන්ට හැකි සෑම විටකදීම තම පිරිසිදු හෘද සාක්ෂියට එකගව අනිකුත් පුද්ගලයන්ටද කොටස් වෙළඳපල ගණුදෙනු වල නිවැරදිව නිරත වන ආකාරය ගැන ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දෙමින් ඔවුන් නොමගට ගොස් කිකරුනේ තම මුදල් විනාශ කර ගැනීම වළක්වාලීම සඳහා නොයෙක් අයුරින් උපදෙස් හා සහයෝගය දෙන ඒ උතුම් මනුෂ්‍ය ධර්මතාවයන් සැමදා රකින එම අති උතුම් මිනිසුන්ට අපගේ ගෞරවය සහ උත්තමාචාරය මෙසේ පිළිගන්වන වගයි. මෙම ගීතය එම උතුම් මනුෂ්‍ය සංහතියම සඳහා උපහාරයක්ම වේවා."

ගීතයේ ගායන පද වැල් සඳහා මෙම පින්තූරය බලන්න :-
http://i39.servimg.com/u/f39/18/97/07/82/song10.jpg

ගීතයේ ගායනය අඩංගු යූ ටියුබ් වීඩියෝව බලන්න :-
https://www.youtube.com/watch?v=iGBsPTMIfeU

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="SHARK"]Thanks SB ...... :) [/quote]

You are welcome my dear friend !!..  :)

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics
@SomyBoy wrote:
SHARK wrote:Thanks SB ...... Smile

You are welcome my dear friend !!..  Smile
Bravo Somyboy!Three cheers to you! Very Happy

mark

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
apoi mekata mawath gawila Razz

you are a real somy boy Razz why you wasting tym like these posts? isnt it better analyse a company?
ayyo salli Razz

Sstar

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Somy, thanks for the advice given to forum members. In respect of my investments, I have disclosed my real portfolio to forum members.



Last edited by Sstar on Tue Sep 09, 2014 8:26 am; edited 1 time in total

shadow walker

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
DEAR SOMY
well done.. proud of you dear

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="mark"]apoi mekata mawath gawila :P

you are a real somy boy :P  why you wasting tym like these posts? isnt it better analyse a company?
ayyo salli :P[/quote]


"ඔබගේ අවංක බව ඉතා සියුම් අන්දමින් උලුප්පා සියලුම දෙනාට පෙන්වීමට ඔබ ඉතා හොඳ නමුත් අසාර්ථක උත්සාහයක යෙදෙන බව පහත අප විසින් උපුටා පෙන්වා ඇති ඔබගේ එම ක්‍රීඩකයාට දක්වන ලද ඉතා බයාදු, ගැති, විශ්වාසවන්ත බව හැගවීමේ ප්‍රකාශයෙන් මුළු ලොවටම විදහා පාන බව අප ඔබට ඉතා කාරුණිකව දන්වා සිටීමට කැමැත්තෙමු."


|+| Re: SFL to takeover at 175 |+|

~ Post by mark on Fri Aug 01, 2014 6:44 pm ~

wow you are great player. i believe in you.

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
"SHARK, Gintonic, Sstar, shadow walker, ඔබ වැනි මේ ෆෝරම් එකේ සාමාජිකයන්ට යහපතක් උදාකිරීම සඳහා වෙර වීරිය දරන හොඳ අයගෙන්, අපගේ මේ ඉදිරිපත් කිරීම සඳහා කිසි විටෙක නොසිතූ වීරූ අන්දමින් අන් අයටද කෙලින් කථා කිරීමට අවස්ථාවක් නිතැතින්ම උදාවන ආකාරයේ ඉතා උණුසුම් ධනාත්මක ප්‍රතිචාර ලැබීම, අප ඉතා නිහතමානීව සතුටින් පිළිගන්නා බවද දන්වනු කැමැත්තෙමු. ඔබ සියලුම දෙනාට ස්තුතියි."

podda2


Manager - Equity Analytics
Manager - Equity Analytics
good work somyboy..thanks

mark

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Looser Razz

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="podda2"]good work somyboy..thanks[/quote]

podda2, ඔබ වැනි කොටස් වෙළඳපලට අළුතින් පැමිණෙන නවක සුළු පරිමාණ ආයෝජකයින්, කූට උපක්‍රමවලින් තම වසගයට ගැනීමට වැඩි වශයෙන් උත්සාහ ගන්නා මධ්‍යම හා මහා පරිමාණ කපටි වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්, ගලවා ගැනීමට අප දරා ඇති මෙම උත්සාහය, ඔබ වැනි අහිංසකයින්ගේ මුදල් නිසි පරිදි ප්‍රතිඵල දායක ලෙස ආයෝජනවල යෙදවීමෙන් පසු ඔබට නිසැකවම හිමිවන සතුටුදායක ප්‍රතිලාභ හමුවේ, ඉතා සාර්ථක ලෙස ඵලදරයි නම් එය, අපගේ ඒකායන අරමුණ වන බව ඉතා නිහතමානීව සතුටින් යුතුව දන්වා සිටින්නෙමු.

shadow walker

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@mark wrote:Looser Razz
Question

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="mark"]Looser :P[/quote]

"ඔබ ඇතුළු කපටීන් රැලකගේ කටේ නරි වාදම්, රෙද්ද පල්ලේ බේරෙමින් ඇති මේ මොහොතේ ඔබ වැනි අමන, නීච, මිනිස් කමට නිගාදෙන, මිනිස් වෙසින් සිටින, මනුතිරිසන්, දෙපා සතුන්ට නම් මෙම කථා ඉතා නීරස වන බව ඔබගේ ඔය ප්‍රති උත්තර දීම් වලින්ම මොනවට විදහා පායි. මෙහිදී ඔබ මිනිස් ගුණාංගයන්ගෙන් අබමල් රේණුවක තරම්වත් ගුණයක් නැති හුදෙක් මුදල් පමණක්ම තම මුළු මහත් ජීවිතයම කරගත් නින්දිත නිවට පුද්ගලයෙක් බව සියලුම ලෝකවාසී ජනතාවටම තමන්ගේ හුදු නිරුවත් ප්‍රකාශයෙන්ම පෙන්වා දී ඇති බව ඉතා කණගාටුවෙන් යුතුව දන්වා සිටිනු කැමැත්තෙමු."

"ඔබ ඇතුළු මහා පරිමාණ ජාවාරම්කරුවන් කිසිවකුටවත් බියක් නැති ඉතා නිර්භීත ඇතුළත හිස්, පුහු, මුදල් මූලිකම ඉලක්කය කරගත්, අසීමිත අධි මානයකින් යුක්ත වන ඉතා පහත් පෙලේ පුද්ගලයන් වන අතර ඔබ වැන්නන් බිය වන්නේ මේ ලෝකයේ එක් අයෙකුට පමණක් බව නම් මුළු ලොවම දන්නා තිත්ත ඇත්තකි. ඒ වෙන කිසිවෙකුත් නොව මාරයාය. ඔබගේ ඔය අසීමිතව අසාධාරණයෙන් උපයන මුදල් වලින් තඹ දොයිතුවක් වත් මාරයා ඉදිරියේ පොළොවේ පයට පෑගෙන දූවිලි වැලි තරමටවත් වටිනාකමක් ඇති ඒවා නොවේ. මාරයා කිසිවිටෙකවත් මුදල් වලට ගැනීමට නොහැකි අග්‍ර ගණයේ ස්වාධීන කෙනෙකි."

"ඔබගේ ඔය සිනහ මුසු මහ හඩින් නිකුත් වන උජාරු ස්වරය මාරයා ඉදිරියේ හුදු පුස්සක් බවට පත්වී මහා දුක්මුසු අඳෝනාවක් බවට පත් වන බව දැන් තියාම හොඳින් වටහා ගෙන සිටීම, ඔබලා වැනි අය වෙත අනාගතයේදී නොසිතූ විරූ ලෙස පැමිණෙන උවදුරු උපද්‍රව වලින් යම් තරමක හෝ සහනයක් ලබා ගැනීමට ඉවහල් විය හැකි බව ඔබ වැනි නිවට නියාලු පුද්ගලයන්ට මතක් කර දීමට අවශ්‍යය."

"අද ඔබ ඇතුළු පිරිස ඉතා ජයග්‍රාහී ලීලාවෙන් උදම් ඇනුවද ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදය ඉතා දුක් මුසුව මාරයාට යදිමින් අපා දුක් විඳිමින් ඉතාමත්ම අවාසනාවන්ත ලෙස ගෙවන්නට සිදුවන බව නම් ඒකාන්තයෙන්ම කිව හැකිය. එයද ඉතා හොඳින් සිහියේ තබා ගෙනම ජීවත් වන්න යැයිද යන්න පමණක් අපට ඉතා කණගාටුවෙන් වුවද අවසාන වශයෙන් ඔබ ඇතුළු පිරිසට ඉතා අනුකම්පාවෙන් යුතුව දන්වා සිටීමට සිදුවන බවද කරුණාවෙන් සලකන්න."

podda2


Manager - Equity Analytics
Manager - Equity Analytics
ow mama me site eken godak dewal igenagathtga..noddan pathi godak thibuna..cse eka gana thorathuru hoyanna site ekak nathuwa hitiye..mechcharakal cse.lk witharai use kale..but dan podi kalayak thula me site eken mama godak dewal igenagaththa..oyla katha karana samahara dewal api wage podi ayata godak wadagath..so thanks oyala hamotama....

Market Sucker

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@SomyBoy wrote:පෙර සටහන :-

"අප මෙහිදී අදාල පුද්ගලයින් කූට අන්දමින් ඉතා සියුම්ව උපායශීලීව මිනිසුන් නොමග යවමින් එක් එක් පුද්ගලයන්ව තම අභිමතය පරිදි කොටස් වෙළඳපොලේදී රැවටීම මගින් තමන්ගේ කොටස් විකිණීම හෝ මිලදී ගැනීම ඉතා සූක්ෂමව තොග පිටින් කරන අයුරු ගැන හෙළිදරව් කිරීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. මෙම ඉදිරිපත් කිරීම සඳහා ලබා දෙන රතු ඡන්ද වලින් එම පුද්ගලයන්ට සිටින හිතවතුන් පිළිබඳවද ඉතා හොඳින් පැහැදිලිවම අදහසක් ලබා ගත හැකි බවද මතක් කරමු."


|+| Re: Is it worth to collect REEF.W0019??? |+|

~ Post by player on Tue Aug 19, 2014 5:35 pm ~

Hi all, you may remember i told you about the trends of it in previous years. Sadly i have to say to quit from it. Last 2 weeks i sold my 2Mn of REEF W19 from different nominee accounts and will not buy it now. But will buy whatever available if it reach 1-1.20 levels in OCT-NOV when market going to have a some cooling off.

So now i don't have any idea about it, but if you holding it then try to sell at your best price. GL

"මොහු මෙහිදී තමන් කිසිවක් නොදන්නා අයකු බව පෙන්වීමට මෙන් තමා සතු ඒවාද විකිණූ බවත් දැන්ම නොගෙන සිට පසුව ගන්න යැයි උපදෙසක්ද දී ඇත."


|+| Re: Be careful with JUNK....! |+|

~ Post by player on Sun Aug 24, 2014 7:40 pm ~

*****......... lolz

That the answer for loosers like you in a bull market

First investors
Then traders
After speculators/ manipulators
Finally suckers

We are yet at the stage of 3, give your advise when we come to final stage, so stop this ***** talks. Let the trend go and it will be your friend

"මොහු මෙහිදී තමන් තවමත් වෙළඳපල හසුරුවන්නන්ගේ ගණයට අයිතිවන බවත් ඉදිරියේදී රිරී මාංෂ උරා බොන්නන්ගේ තරම් දරුණු තත්වයකට පත්වන බවට කල්තියාම අනතුරු ඇගවීමක්ද නිකුත්කර ඇත."


~ Post by player on Sun Aug 24, 2014 7:53 pm ~

i made a worse decision just before it run and i had to collect again at avg cost of 2.30 now. But only managed to buy 1.8Mn so i will buy further.
Easy to climb to 4-5

"මොහු මෙහිදී කියා සිටින්නේ දින කිහිපයකට පෙරදී කියූ දෙයට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී ප්‍රකාශයකි. තමන් ඉතාමත්ම වැරදි තීරණයක් ගත් බවත් තමන් එම කොටස් නැවතත් එක්තරා ප්‍රමාණයකට පමණක් සීමාකර මිලදී ගන්නා බවත් ඔහු ඉතා අවංක පුද්ගලයෙක්ගේ ස්වරූපයෙන් කියා සිටී. එලෙසම ඉතාමත්ම පහසුවෙන් රු. 4-5 දක්වා ඉහල නගින බවටද මතක් කිරීමට එහිදී ඔහු ඉතා සූක්ෂම අන්දමින් තමන්ගේ ප්‍රකාශය යොදාගෙන ඇත."


~ Post by player on Mon Aug 25, 2014 4:17 pm ~

Hi dougieboy..

I collected heavy quantities of SFL, but you will never find me in top 20 list. Same way i played in REEF.

Most of sell orders at 2.80-3.20 in reef was mine, im the seller at 3 and same day i collected my qty at 2.60-2.70 easily.

First identify how crowd behave to different ways, when i put 300k at 2.80, they sell 2.70 and im at the buy in 2.60. That the way i collect. GL

The best party is yet to begin when REEF N make its journey. Then i will freeze my warrants.

"මෙහිදී මොහු තමන්ගේ කලින් දක්ෂතාද ඉතා ඉහලින් වර්ණනා කිරීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත්වී ඇත. මොහු කෙතරම් හොඳින් බොරු කියන කපටි පුද්ගලයෙක්ද යන්න හඳුනා ගැනීමට නම් රු. 4-5 දක්වා ඉහල යන බව කී කොටස් රු. 3.10 දක්වා පමණක් 25-08-2014 වන දින ඉහල යාමෙන්ද එම ඉහල යාමේ ක්‍රියාවලියේදී තමන්ගේ දායකත්වය කෙසේ සිදුවූයේද යන්නද ඉතා හොඳින් පැහැදිලිවම පෙන්වාදීමටද ඔහු අමතක නොකර සිටී. මෙහිදී තමන් ඉතා සැලකිය යුතු ලාභයක්ද ගෙන තමන් දින කිහිපයකට පෙර එකතු කරගත් ඒවා විකුණා දැමූ සැටි තලු මරමින් ඉතා සතුටින් කියා සිටිමින්ද එදිනම රු. 2.60 ටද නැවතත් තමන් මිලදී ගත් අපූරුව දක්ෂ ලෙස පෙන්වාදීමටද සමත්වී ඇත. ඊලගටද සිදුවන්නේ මෙවැනි ආකාරයේම ක්‍රියාවක්ම බවද අවසානයේදී ඒත්තු ගන්වා ඇත."


~ Post by player on Tue Aug 26, 2014 3:28 pm ~

As i told you, REEF N started the game, Now see the warrant play here onward. GL

"මෙහිදී මොහු නැවතත් ඉදිරියේදී තමන් නැවතත් මෙවැනිම ක්‍රියාවක් සිදු කිරීමට සූදානමින් සිටින බවටද කෙලින්ම නොකියා සිටීමට ප්‍රවේශම්වී ඇත."


|+| Re: REEF W will be same as greg w6? |+|

~ Post by player on Tue Aug 26, 2014 4:40 pm ~

You just see the price on next monday. GL

"මොහු මෙහිදී අදහස් කලේ නිසැකවම කුමක්දැයි කියා පහත පින්තූරයේ ඇති පසුගිය සතියේ දින 5 තුල සිදුවූ ගණුදෙනු වල සාරාංශය විමසීමෙන් පෙන්නුම් කෙරේ. සඳුදා යනුවෙන් සඳහන් කල 01-09-2014 දින ගණුදෙනු දෙස විමසිල්ලෙන් බලන්න."
http://i39.servimg.com/u/f39/18/97/07/82/sep10.jpg


|+| Re: Mandatory offer for SDB @ 180-200 |+|

~ Post by player on Fri Aug 29, 2014 10:17 pm ~

hi, im not much clear on you, you may check my previous posts, i was here when you are a kid.

Btw im a trader, So i continually recycling my shares in reef w19. As i told you earlier, the real game begins when REEF N start its journey.

As a note- Now w19 trades at 2.6-2.70, so do you know why there is heavy orders in 3.00-3.20? So this will reduce buying side and will increase the selling in lower range. Most retailers will sell now thinking its the end of trend. Actually its the way of easing selling pressure on upper bands. Thats the part of game which effect on crowd mentality.

Learn and get the experience. GL

"මොහු මෙහිදී තමන්ගේ පැරණි කෙරුවාව දැන ගැනීමට කලින් මෙහි දක්වන ලද අදහස් සොයා බලන ලෙසත් එසේම තමන් කොටස් වෙළඳපල තුල ගණුදෙනු කරන තොග වෙළෙන්දෙක් බවටද තමා දිගින් දිගටම අහවල් කොටස් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් කියා සිටියි. (මොහුට කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආයතනයක අයිතියද ඇත්තේදැයි යන්න ගැන දන්නේ ඔහු පමණකි.)"

"මොහුගේ එම ක්‍රියාවලිය 25-08-2014 වන දින සක්සුදක්සේ ඉතා හොඳින් දැක බලා ගැනීමට හැකි වූයේ රු. 4-5 දක්වා ඉහල යනවා යැයි විශ්වාසයෙන් යුතුව පුරසාරම් දෙඩවූ ඔහුම තමන්ගේ කොටස් තොග පිටින් විකුණා දැමූ ආකාරය ගැන නැවතත් 25 වන දින සවසම කපටි නරියෙක්ගේ ස්වරූපය හුවා දක්වමින් කල විස්තර කිරීමෙන් පසුවය. තවදුරටත් තමන් ඇතුළු කපටීන් රැලකගේ ක්‍රියාවේ ඇතුල් පැත්තේ ඇති සැගවුනු රහස් වල රසයද සුළුවෙන් පැහැදිලි කිරීමටත් ඔහු අමතක නොකරම වග බලාගනී. එසේම ඉදිරියේදීද මෙවැනිම වූ තෝර-මෝර සැණකෙලියක් හැම දෙනාටම ඉතා විශිෂ්ට අන්දමින් දැක බලා ගත හැකි බවටද පූර්ව නිවේදනයක් මෙහිදීම නිකුත් කිරීමට ඔහු සියුම් අන්දමින් සමත්වී ඇත."


~ Post by prabath on Sat Aug 30, 2014 8:13 am ~

SomyBoy you are just a "someboy" around the park who just comment nonsense here.We know about player.

"මොහු ක්‍රීඩකයාව ඉතාමත්ම හොඳින් දන්නා හඳුනන බව කීමෙන්ම ලොක්ක හින්ද අපිත් ඉන්නවා, අපි හින්ද ලොක්ක ඉන්නවා, ලොක්ක අපිව බේරගන්නවා, අපි ලොක්කව බේරගන්නවා යන ප්‍රකාශය මුළු මහත් සමාජයටම ප්‍රසිද්ධියේ කියාදෙයි. ඊටත් වඩා මෙමගින් ඔහු නොකියා කීමට උත්සහ කරන්නේ ලොක්කාගේ කටු කන්නෙක් වන තමන් ලොක්කාටත් වඩා සැර වැඩිය යන සමාජයේ කවුරුත් දන්නා ප්‍රකට සත්‍ය කරුණ තව දුරටත් තහවුරු කිරීමටයි."


~ Post by mark on Sat Aug 30, 2014 2:08 pm ~

lolz, seems the "some boy" is the right username to him. Ah we also know about the player.

@player- are you playing with SDB also? Then it sure will be a gem like SFL.

"මොහුද ක්‍රීඩකයාට ඉතාමත්ම පක්ෂපාතීව තම අදහස් දක්වමින් තමාද ලොක්කාගේ යටිකූට්ටු වැඩ ගැන හොඳ හැටි දන්නා බවත් ලොක්කාගේ හිතවත්කමෙන් අපිටද ඉතා පහසුවෙන්ම වැඩි වාසි ලබා ගත හැකි බව තරයේම අත්දැකීම් තුලින්ම දන්නා අයෙකි. තවදුරටත් ලොක්කාගේ හොඳ හිත වර්ධනය කරගැනීමට අවශ්‍ය නිසා ඉදිරි කෙරුවාව ගැනත් අසමින් කලින් කෙරුවාවේ රසය ගැනත් මතක් කර දෙයි."


~ Post by player on Tue Sep 02, 2014 12:40 am ~

Hi MARK!
So nice to see you buddy! Forum is full of some/somy jokers since we miss many old members like you. So have to deal with them also when we put a post. Btw Hope you saw the way players control the emotions of retailers in SFL, REEF & SDB. You got what i said? Its just like ESL play.
KIT
GL

"මොහු මෙහිදී ඉතා කනගාටුවෙන් මෙන් තමාට ගැතිකම් කරන්නට සිටි පැරණි නිවටයින් ගැන මතක් කරමින් දැනට සිටින හෙන්චයියන් අතරින් ඔබ ඉතාමත් හොඳින් සාර්ථකව තමන්ට තවමත් සුවච කීකරුව නකුට වනාගෙන බැල මෙහෙවරකම් කිරීමේ කාර්යභාරයේ නියැලී සිටින බව ඉතා සතුටින් යුතුව මතක් කර එම ක්‍රියාව ඉතා අගේ කොට සලකයි. එමෙන්ම වර්තමානයේදී නම් එවැනි නිවටයින් එතරම් සුලබ නොවන බවද මතක් කරමින් තමන් ඇතුළු කපටීන් රැලකගේ දිය යටින් ගින්දර ගෙනයාමේ කූට උපක්‍රමික ක්‍රියාවලීන් තුන හතරක් ගැනද මහත් උජාරුවෙන් තම බත්බැලයාට කීමටද අමතක නොකරයි."


|+| Re: AN EXCELLENT PRACTICAL LESSON TO LEARN FOR EVERYONE WHO ARE DEALING WITH CRAPS |+|

~ Post by player on Tue Sep 02, 2014 11:50 pm ~

Hi IO3,
There were many fail stories behind me, but one or two successful stories made my way. The market is base on emotions as i learned in this much of years in my experience. Random walk theory is a myth. In a market, the Individuals act rationally in the process of decision making, by taking all available information. But there is clear proofs to show many repeated patterns of irrationality in the way human mind arrive at decisions and choices when faced with uncertainty. So their way of behavior and emotions do control the market as whole. So it is just that they understand the importance of emotions in trading, and train their mind not to mix emotions with decisions.
As an example, Do you remember the time when REEF W19 reached 2Rs in few years ago? And how it pushed to 8 again in no time.

I didnt manipulate anything, i just trade with trend. I dont see anything bad on it. i gave the tips and didnt told anyone to buy.
Read this thread,
http://forum.srilankaequity.com/t31083-unloading-reefw0019-2

"මොහු මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉතා බරපතල වචන භාවිතාකර කරන පැහැදිලි කිරීම් හමුවේ සිහියට නැගෙන්නේ බුදු මහේෂ් වැනි පුද්ගලයන්ය. මොහුද ඊට කුමන ආකාරයකින් හෝ නෑකම් කියන්නෙක් නොවේ යැයි කාටනම් කිව හැකිද? තමන් අවංක පුද්ගලයෙක් බවත් තමන් හුදෙක් වෙළෙන්දෙක් පමනක් බවත් කීමට මොහු පැරණි තොරතුරුද ගෙනහැර දක්වයි. මෙහිදී තමන් කොටස් වෙළඳපල හසුරුවන්නෙක් නොවන බවට තරයේම කියා සිටින්නේ 24-08-2014 දින ලොල්ස් (හිනා) වෙමින් මහත් ඉහලින් තමන්ගේ තේජවන්ත බවද උලුප්පා පෙන්වමින් කල ගාම්භීර ප්‍රකාශයද ඔහුට අමතක වී ගොස් ඇති ලෙසටය."

"ඉහලින් අප උපුටා දක්වා ඇති ඔහුගේ එම සඳහන් කිරීමට අනුව නම් ඔහු තවමත් සිටින්නේ 3වන අධියරේ එනම් හසුරුවන්නන්ගේ කාණ්ඩයේ බවත් ඉදිරියේදී 4වන අධියරට ප්‍රවේශ වීමෙන් පසු ප්‍රවේශම්වීමේ නිවේදන නිකුත් කිරීම හොඳ බවත් මතක් කර දී ඇත. රැල්ලට අනුව කටයුතු කිරීම තමන්ගේ වාසියට වැඩි වශයෙන් හේතුවේය යන්නද ඔහු මතක් කර දෙන අතරම රැල්ලේ වැඩි වාසි තමන් ඇතුළු කෙලවල්ලන් පිරිසකට නිසැකවම අත්වන බවටත් ඉතාම ඉහලින් යුතුව එම වාසි අත්විඳීමට හැකිවීම පිළිබඳවද කල්තියාම උදම් ඇනීමක්ද මෙහිදී සිදුකර ඇත."


"ඉන් පසු නැවත 04-09-2014 වන දින ප්‍රති උත්තර දීමක් ලෙස ක්‍රීඩකයා කිසිම දාක නොවූ විරූ අයුරින් ඔවුන්ගේ වර්ගයේ අයගේ කෙරුවාවෙන් ඉතා සුළු බිඳක් විස්තර කර හිමින් සීරුවේ ලිස්සා ගියේය. (ඔහුගේ අවසන් විස්තර ප්‍රකාශය දැක ගැනීමට පහත ලින්ක් එකේ ඔහුගේ ඉහත දිනැති ප්‍රකාශය බලන්න.)"
http://forum.srilankaequity.com/t36333-an-excellent-practical-lesson-to-learn-for-everyone-who-are-dealing-with-craps


|+| Re: Be Careful REEF.N and REEF.W |+|

~ Post by prabath on Sat Sep 06, 2014 9:07 am ~

lolz,beware of your doubts in a bull run.

"මොහු ක්‍රීඩකයාගේ සුවච කීකරු ගෝල බාලයෙක් බවත් තමන් යැපෙන්නේද එම ලොක්කාගෙන් බවත් මුළු ලෝකයටම කියාපාන මේ ප්‍රකාශයෙන් ඉතා හොඳින් පැහැදිලිවේ. මොහුටද මේ දිනවල ලොල්ස් (හිනා) යනවා ඉතා වැඩිය. ඊට හේතුව නම් වෙන කිසිවක්ම නොව ක්‍රීඩකයාගේ සූක්ෂමව මිනිසුන් ගොනාට ඇන්දවීමේ ක්‍රියාවලියට මොහුටද ප්‍රයෝගිකව සම්බන්ධවීමට ඉතා ඉහලින් හැකියාව ලැබී තිබීමත් එමගින් තමන්ටද ඉතා ඉහලින් වාසි සැලසෙන නිසාත්ය."

"එසේම ලොක්කාගේ කූට උපක්‍රමවලට කිසියම් අවාසියක්, තර්ජනයක් එල්ලවේයැයි ඔහුට සැක සිතෙන කරුණක් මේ ෆෝරම් එකේ කොතැනක හෝ අදහසක් ලෙස දක්වා තිබුනහොත් මොහු වහාම එතැනට පැන ලොක්කාගේ කපටි ක්‍රියා පිළිවෙතට ඉතා ඉහලින් සහයෝගයක් දීමට සමත්වන ආකාරයෙන් ඉතා හොඳින් දක්ෂ ලෙස ඉදිරිය ඉතා සුභදායක බවත් බිය වීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් හුවා දැක්වීමට පසුබට නොවීමත් ඉතා හාස්‍ය ජනක නිහීන පහත් පෙලේ ක්‍රියාවක් බවද මෙහිදී මතක් කර දීය යුතුය."


පසු සටහන :-

"අප මෙම සියලු උපුටා දැක්වීම් වලින් ඔබට පෙන්වීමට අදහස් කරන්නේ රුපියල් මිලියන ගනන් වලින් කොටස් තොග පිටින් මිලදී ගෙන කෘතීමව ගනන් උස්සා ඉහලදී තමන්ගේ කොටස් විකුණා දමමින් සතුටුදායක ලාභයක්ද ගෙන නැවතත් මිල පහතට බස්සවා නැවත නැවතත් කොටස් අඩු මුදලට මිලට ගෙන දිගින් දිගටම මෙම පහත් පෙලේ ජාවාරම ජයටම කරමින් සමාජයේ සුපිරි පන්තියේ වැජඹෙන, කොටස් වෙළඳපල ඒකාධිකාරයක් පවත්වාගෙන යන අධම පිරිසක් ගැනය. මීට උඩගෙඩි දෙන්නන්ද මේ ෆෝරම් එකේ තව බොහෝ සිටී."

"ඉදිරියේදී ද වෙනස් ආකාරයේ වෙස් මුහුණු දමාගෙන ඔබ හමුවට පැමිණෙන මොවුන් මුලින්ම සිදු කරන්නේ ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්විය හැකි මට්ටමේ සැබෑ කොටස් වෙළඳපොල තුල මිල ඉහල යාමේ ප්‍රවනතාවයන් ගැන කලින්ම දැනුම් දී පුද්ගලයන් තුල තමන් පිළිබඳව අචල විශ්වාසයක් ගොඩනගා ගැනීමයි. ඉන් පසුව ඔවුන් තමන්ගේ කූට මුදල් ගැරීමේ ජාවාරම ඉතා සාර්ථකව ඉදිරයට අවහිරයකින් තොරව කරගෙන යයි. මෙයට අසුවූ සේම අසුවන්නට නියමිතව සිටින අයද බොහෝය. මොවුන් ගෙන් ප්‍රවේශම් වීමේ ඒකායන මාර්ගය නම් මෙහි සිටින අවංක පුද්ගලයන් හරි හැටි හඳුනා ගෙන ඉතා පරිස්සමින් ගණුදෙනු වල නිරත වීමයි."

"කෙසේ වුවත් බලවත් හොරුන්ගේ සහ වංචාකරුවන්ගේ ගල් පැලෙන මුසාබස් වලට රැවටී ඔවුන්ගේ කෙස් පැලෙන තර්ක වලට අසුවී තමන්ගේ මහන්සියෙන් උපයාගත් මුදල් මකර කටට යන්නට ඉඩදීම නොදීම ඔබ සතු වගකීමක් සහ කාර්යභාරයක් වන අතර අපට හැකි වන්නේ මග පෙන්වාදීම පමණකි. මග හරිහැටි යන නොයන බව ඔබ විසින් තීරණය කල යුතු කරුණකි. තමන්ට සිටින්නේ තමන් පමණක්ම බව තේරුම් යන්නේ කරදරේක වැටුණු පසුවය. ඒ දක්වාම කැරට් අල පෙන්වීමට අවශ්‍ය තරමටත් වඩා අය සිටිති. දඩයක්කරුවන්ගේ ඉතාම සියුම්ව සැලසුම් සහගතව දියත් කරන ලද ක්‍රියාවලිය අවසානයේදී ග්‍රහණයට හසුවී විනාශ මුඛයට පැමිණි පසු තමන්ට උපදෙස් දුන් අයද උදව් කිරීමට සැදී පැහැදී සිටි අයද කොහේ අතුරුදහන් වුනා දැයි සොයා ගැනීමටවත් නොහැකිය."

"අවසන් වශයෙන් මතක් කර සිටින්නේ කූට වෙළෙන්දන්ට හසුවූ වැඩි පිරිසක් ළිඳේ වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය යන සත්‍යයට ඉඩදී තව තවත් ළිඳ තුලටම වැටී වෙහෙසට පත් වීමෙන් අසාර්ථක උත්සාහයක නිරත වෙමින් තමන්ගේ ජීවිතය මහා අවුල් ජාලයක් කර ගනිමින් සිටින බවයි. අතීතයේදී තමන්ට විඳින්නට සිදුවූ ඒ අමිහිරි කටුක අත්දැකීම් වලින් තවමත් යථා තත්වයට පත්වීමට බැරිව තමන්ගේ දුක් සුසුම් අඳෝනා අන් අයටද දන්වා ඒවායින් කෙසේ හෝ ඉදිරියටවත් පුද්ගලයින් ගලවා ගැනීමට අහිංසකව එහෙත් ඉතා අවංක අයුරින් ඉහලින් අගය කල යුතු තරමේ උත්සාහයන් ගන්නා ඉතා උතුම් මිනිස් ගුණාංගයන් ගෙන් සමන්විත සුන්දර මිනිසුන් පිරිසක් ද මෙම ෆෝරම් එකේ අවංකව සෘජුව නොපැකිලිව තම අදහස් දක්වන අයගේ ගොඩට ඉඳහිට හෝ එකතුවී සිටීම ගැන අප ඔවුන් සියලු දෙනාටම හිස නමා අපගේ අවංක කෘතවේදීත්වය සහ ආචාර ප්‍රණාමය පුදකර සිටීමටද මෙම සටහන නිමාවන මොහොත අවස්ථාවක් කර ගන්නෙමු."

ස්තූති කිරීම :-

"මෙම වෙබ් අඩවියේ සහ ඊට පිටින් සිටින කොටස් වෙළඳපල ගණුදෙනු වල නිරත වී සිටින තමන්ට හැකි සෑම විටකදීම තම පිරිසිදු හෘද සාක්ෂියට එකගව අනිකුත් පුද්ගලයන්ටද කොටස් වෙළඳපල ගණුදෙනු වල නිවැරදිව නිරත වන ආකාරය ගැන ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කර දෙමින් ඔවුන් නොමගට ගොස් කිකරුනේ තම මුදල් විනාශ කර ගැනීම වළක්වාලීම සඳහා නොයෙක් අයුරින් උපදෙස් හා සහයෝගය දෙන ඒ උතුම් මනුෂ්‍ය ධර්මතාවයන් සැමදා රකින එම අති උතුම් මිනිසුන්ට අපගේ ගෞරවය සහ උත්තමාචාරය මෙසේ පිළිගන්වන වගයි. මෙම ගීතය එම උතුම් මනුෂ්‍ය සංහතියම සඳහා උපහාරයක්ම වේවා."

ගීතයේ ගායන පද වැල් සඳහා මෙම පින්තූරය බලන්න :-
http://i39.servimg.com/u/f39/18/97/07/82/song10.jpg

ගීතයේ ගායනය අඩංගු යූ ටියුබ් වීඩියෝව බලන්න :-
https://www.youtube.com/watch?v=iGBsPTMIfeU

Fool and their money soon departs Sad There is no exception for dumb money. Embarassed

Market Sucker

avatar
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@mark wrote:apoi mekata mawath gawila Razz

you are a real somy boy Razz  why you wasting tym like these posts? isnt it better analyse a company?
ayyo salli Razz

Why you not coming to other forum? All seniors are there. Shocked Shocked

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="podda2"]ow mama me site eken godak dewal igenagathtga..noddan pathi godak thibuna..cse eka gana thorathuru hoyanna site ekak nathuwa hitiye..mechcharakal cse.lk witharai use kale..but dan podi kalayak thula me site eken mama godak dewal igenagaththa..oyla katha karana samahara dewal api wage podi ayata godak wadagath..so thanks oyala hamotama....[/quote]

"podda2, ඔබ වැනි අයගේ ඔවැනි සතුට දනවන ප්‍රකාශ mark වැනි බත්බැලයන්ට නම් ඉතා අහිතකර, ඔවුන්ගේ සිතැගි මුදුන් පමුණුවා ගැනීමට දැඩි බාදාවක් හා අවහිරයක් ඇතිවන ආකාරයේ ඒවා වුවද, මෙම ෆෝරම් එකේ සිටින විශාල ප්‍රමාණයක් වූ අවංකව, තම හදවතින්ම, මිනිසුන්ට උදව් කිරීමට හැකි සෑම විටකදීම යුහුසුළුව උත්සාහවත් වන, උතුම් මිනිස් ගුණාංගයන්ගෙන් සමන්විත අති බහුතරයක් වූ සුන්දර මිනිසුන් පිරිසකට නම්, වචනයෙන් කියා නිමකල නොහැකි තරමේ ඉතා ඉහල සන්තෝෂයක් තම හදවතටම දැනෙන ආකාරයේ ස්තූති ප්‍රකාශයක් බවත් එසේම එමගින් ඒ සියලුම දෙනාට තමන් විසින් පිරිසිදු අවංක සිතින් නිවැරදිව තම හෘදසාක්ෂියට එකගව කරන ලද එම සත් ක්‍රියාව ඉතා ඉහලින් ඵලදරා ඇති බවටත් එය ඉතා ප්‍රතිඵලදායක නිවැරදිම ක්‍රියාවක් බවටත් සිතා සතුටුවිය හැකි තරම් වටිනා ඉතා ඉහල ධනාත්මක ප්‍රතිචාරයක් බවත් අවංකව නිහතමානීව ඔවුන් සියළුම දෙනා වෙනුවෙන්ම අප මතක් කර සිටිමු."

sampath.anuradha


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
Thank u somyBoy, mark how he become a senior vice-president Equity Analytics..

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="sampath.anuradha"] Thank u somyBoy,  mark  how he become a senior vice-president Equity Analytics.. [/quote]

"එය කෙසේ සිදුවූවා දැයි දන්නේ ඔවුන්ගේම වර්ගයේ හෙන්චයියන්ම පමණකි. ඔහුට මේ දක්වාම ලැබී ඇති රිපියුටේෂන් 418 දෙස බැලීමේදී අපට නම් දෙකොනින් හිනා යයි. අපගේ සටහනේ මුලින්ම පෙර සටහන යටතේ මතක් කර දී ඇති ආකාරයට රතු ඡන්ද මේ මෙහොත වන විට 3ක් දක්වා ඉහල ගොස් යාමෙන්ම එම සටහනේ විස්තර කර ඇති ආකාරයටම චක්ගෝලයින් ගණන දල වශයෙන් නිගමනය කර ගත හැක. ක්‍රීඩකයා තවමත් පැමිණ නැති බවට අප නිරීක්ෂණය කර ඇති නිසා prabath, mark යන දෙදෙනාට අමතරව තවත් අයෙක් රතු ඡන්දයක් දී ඇති බැවින් අනිත් අමන හෙන්චයියා කවුරුන්ද යන්න ගැන විමසිල්ලෙන් පසුවීම වටී."

"සමහර චක්ගෝලයින් මුනිවත රකින බවද අප දන්නා කරුණකි. එසේම mark නම් පිසාචයාගේ තමන් සුද්ද වන්තයෙක් බව කීමට උත්සාහ ගත් ප්‍රථම පිළිතුරු දීමටද කොළ ඡන්ද 2 ක් එකතු වී ඇති බැවින් තවත් ප්‍රබල කුලියට කහින පුද්ගලයෙක් මෙම ෆෝරම් එකේ සිටින බව නම් ඉතාමත්ම පැහැදිලිය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටය යන කියමන සත්‍යයක් කරමින් තවත් අපගේ ප්‍රකාශයන්ට රතු ඡන්දත් එම අමන, බත්බැලයාගේ ප්‍රකාශයන්ට කොළ ඡන්දත් එකතු කිරීමේ සීඝ්‍රතාවය මත ඔවුන්ගේ අමන ශක්තිය ගැන අප සියලුම දෙනාට යන්තම් හෝ දල අදහසක් ලබා ගැනීමට එතරම් අපහසු නොවනු ඇත."

Sstar

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
SB, Please do not continuously criticize or attack forum members. You have already stated your observations and we are all aware of it. Thank you

Roboticfx

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but.... Shocked Shocked Shocked

SHARK aka TAH

avatar
Expert
Expert
@Roboticfx wrote:Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but....  Shocked Shocked Shocked
I dont think Mark is such a Guy ...... So we should give benefit of doubt to Mark.

With regard to anyone else trying to take innocent members should be highlighted .... cheers

SHARK aka TAH

avatar
Expert
Expert
@Sstar wrote:SB, Please do not continuously criticize or attack forum members. You have already stated your observations and we are all aware of it. Thank you
Yes SB .... Whilst appreciating all your effort, we need not go very personal, then it can become a clash of personalities Rolling Eyes

Vptilak


Manager - Equity Analytics
Manager - Equity Analytics
@SomyBoy wrote:
@sampath.anuradha wrote: Thank u somyBoy,  mark  how he become a senior vice-president Equity Analytics..

"එය කෙසේ සිදුවූවා දැයි දන්නේ ඔවුන්ගේම වර්ගයේ හෙන්චයියන්ම පමණකි. ඔහුට මේ දක්වාම ලැබී ඇති රිපියුටේෂන් 418 දෙස බැලීමේදී අපට නම් දෙකොනින් හිනා යයි. අපගේ සටහනේ මුලින්ම පෙර සටහන යටතේ මතක් කර දී ඇති ආකාරයට රතු ඡන්ද මේ මෙහොත වන විට 3ක් දක්වා ඉහල ගොස් යාමෙන්ම එම සටහනේ විස්තර කර ඇති ආකාරයටම චක්ගෝලයින් ගණන දල වශයෙන් නිගමනය කර ගත හැක. ක්‍රීඩකයා තවමත් පැමිණ නැති බවට අප නිරීක්ෂණය කර ඇති නිසා prabath, mark යන දෙදෙනාට අමතරව තවත් අයෙක් රතු ඡන්දයක් දී ඇති බැවින් අනිත් අමන හෙන්චයියා කවුරුන්ද යන්න ගැන විමසිල්ලෙන් පසුවීම වටී."

"සමහර චක්ගෝලයින් මුනිවත රකින බවද අප දන්නා කරුණකි. එසේම mark නම් පිසාචයාගේ තමන් සුද්ද වන්තයෙක් බව කීමට උත්සාහ ගත් ප්‍රථම පිළිතුරු දීමටද කොළ ඡන්ද 2 ක් එකතු වී ඇති බැවින් තවත් ප්‍රබල කුලියට කහින පුද්ගලයෙක් මෙම ෆෝරම් එකේ සිටින බව නම් ඉතාමත්ම පැහැදිලිය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටය යන කියමන සත්‍යයක් කරමින් තවත් අපගේ ප්‍රකාශයන්ට රතු ඡන්දත් එම අමන, බත්බැලයාගේ ප්‍රකාශයන්ට කොළ ඡන්දත් එකතු කිරීමේ සීඝ්‍රතාවය මත ඔවුන්ගේ අමන ශක්තිය ගැන අප සියලුම දෙනාට යන්තම් හෝ දල අදහසක් ලබා ගැනීමට එතරම් අපහසු නොවනු ඇත."

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Keep up your good work Very Happy

We need to criticize to wrong things that happening in this forum as we appriciate right things.

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="Roboticfx"]Dear SB,

I really appreciates your effort. Posted timely!

But one thing.
Mark is just a recent university leaver as I know. So, how can he became a manipulator within 1-2 years? He was against manipulation. but but....  :shock: :shock: :shock: [/quote]

"ඔහු ලගදී විශ්වවිද්‍යාලයකින් පිටවූ නවක උගත් පුද්ගලයෙක් නම් ඇත්ත වශයෙන්ම ඔහු කල යුතුව ඇත්තේ කෝටිපති ව්‍යාපාරික ක්‍රීඩකයන් පසුපස වැටී ඔවුන්ගේ විශ්වාසය දිනාගන්නා අයුරින් මෙවැනි අති බහුතරයක් වූ උගත් බුද්ධිමත් පුද්ගලයන් නිතර ගැවසෙන ෆෝරම් වල තම අදහස් පල නොකර සිටීමටයි. ඔහුගේ ප්‍රකාශයන් අප ඉහතින් උපුටා දක්වා ඇති අතර, එයින් ඔහු කොටස් වෙළඳපල හසුරුවන්නෙක් වශයෙන් නොව, එවැනි අති ප්‍රබල මුදල් බලයක් ඇති පුද්ගලයෙකුට තම ක්‍රියා පිළිවෙත කිසිදු අපහසුවකින් තොරව මෙම ෆෝරම් එක තුල කරගෙන යාමට අනුබල දෙන ආකාරයේ, විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් නොගිය පුද්ගලයකුගේ ස්වරූපයෙන් ඉතා යටහත් පහත් ආකාරයෙන් අදහස් දක්වමින්, තම උගත්කම කොහෙවත් යන සල්ලිකාරයෙක් ඉදිරියේ තම ආත්ම ගරුත්වයද සමගම පාවාදී ඇති බව අපට මෙහිදී මතක් කිරීමට සිදුවේ."

"ඔබ මෙම ෆෝරම් එක තුල ඉතා අගය කල යුතු කාර්යභාරයක් කරන බව අප කිසිදු අවිවාදයකින් තොරව පිලිගන්නා සත්‍ය කරුණකි. mark එවැනි උගත් පුද්ගලයෙක් නම් දේශපාලුවන් පසු පස වැටීගෙන යන චක්ගෝලයින්ගේ මෙන් ක්‍රියා පිලිවෙතක් ප්‍රසිද්ධියේම මෙම ෆෝරම් එක තුල අනුගමනය කිරීමෙන් තමා ඉතා වෙහෙසකර උත්සාහයකින් පසු ලබා ගත් එම උපාධියටද කරන්නේ නිගාවකි. තම හැදූ වැඩූ උතුම් දෙමව්පියන්ටද කරන්නේ මහත්වූ නිග්‍රහයකි. තමන්ට අවශ්‍ය මුදල් සොයා ගැනීමට කොටස් වෙළඳපල තුල ආයෝජන කිරීමේ අයිතිය ඔහුට මිනිසත්බව ලැබුනු භාග්‍යයෙන් කිසිදු බාදාවකින් තොරව කරගෙන යාමට හැකි බව සේම කෝටිපති ව්‍යාපාරිකයන්ටද තමන්ගේ ආයෝජන කොටස් වෙළඳපල තුල කරගෙන යාමේ අයිතියද අවහිරයකින් තොරව ඇත."

"නමුත් මෙම ෆෝරම් එකේ රු. 4-5 දක්වා මිල ඉහල යන බවට අදහස් දක්වා මිනිසුන්ව රැවටීමට ලක්කොට ඉතා වේගයෙන් සිතා ගැනීමටවත් නොහැකිවන අයුරින් තම කොටස් විකුණා දමා මිල ගණන් පහතට බස්සවා නැවතත් අඩු මිල ගණන් වලින් කොටස් එකතු කරගෙන එම ක්‍රියාව දෙපත් නයෙක්ගේ ස්වරූපයෙන් මෙහි උජාරුවෙන් කීමේ අරුත කුමක්ද? එය තමා විසින් කලා නම් නිහඩව සිටිය යුතුය. ඔහුගේ රු. 4-5 දක්වා ඉහල යන බවට දැක්වූ අදහසින් මිනිසුන් කීදෙනෙක් ඒ දෙස බලා සිටියා දැයි ඔබ දන්නා ප්‍රකට කරුණකි."

"මෙය කොටස් වෙළඳපල තුල සිදුවන සාමාන්‍ය සම්ප්‍රදාය යයි ඇති තරම් තර්ක කිරීමට කරුණු මෙහි සෑම කෙනෙකුටම නැත්තේ නොවේ. මිනිසුන් ආයෝජනය කරන්නට එන්නේ නැතිවන්නට වුවද බලාගෙන යයිද එක් අයෙකුට ලාභ වන විට තවත් අයෙකුට පාඩු වන බවත් කොටස් වෙළඳපල තුල ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තවත් කෙනෙක් ලග ඇති මුදල් අනෙක් කෙනා ලගට යාම මිසක් බැංකුවේ දමා ඇති විටදී මෙන් සල්ලි මැවීමක් වැඩි වීමක් සිදු නොවන බවටද තර්කානුකූලව ඉතා පහසුවෙන් ඔප්පු කර පෙන්විය හැකි සත්‍ය කරුණු ගෙනහැර දැක්වීමක් අපටද කල හැකිය."

"මෙතැන ඇති ප්‍රශ්නය එය නොවේ. අහිංසක මිනිසුන් ගොන්අලි සහ ගොන්ඇතින්නියන් බවට මෙවැනි ප්‍රසිද්ධ ෆෝරම් භාවිතා කරමින් ඉතා සූක්ෂමව කපටි නරින්ගේ ස්වරූපයෙන් ඇන්දවීමයි. මීට දින කිහිපයකට පෙර ඩගි බෝයි ඉතා ආවේගශීලීව අදහස් දක්වනු ඔබද නිරීක්ෂණය කරන්නට ඇතැයි අප සිතමු. ඔහු එහිදී පෙන්වා දුන් දේම සිංහල භාෂාවෙන් කරුණුද සහිතව ගෙනහැර දැක්වීමක් අප මෙහිදී සිදුකල බව මතක් කරමු. වරදක් කිරීමත් වරදකට කෙලින්ම හෝ වක්‍රාකාරව උදව් දීමත් වරදක් බව ඔබද දන්නා සත්‍යයකි."

"mark අපගේ සටහන සඳහා අදහස් දැක්වීමේදී 2වන අදහස ලෙස ලූසර්ස් යන්නෙන් අදහස් කලේ කුමක්ද? එනම් ඔහු හොඳ ගේනර් කෙනෙක් බව නොවේද? ඔහු වරදක් නොකරා නම් නිහඩව සිටීමෙන් හෝ සාධාරණ පැහැදිලි කිරීමකින් පසු තමන්ගේ නිර්දෝෂීභාවය ප්‍රසිද්ධියේම ඔප්පුකර පෙන්වීමට අවස්ථාව අවශ්‍ය තරමටත් වඩා තිබුනි. නමුත් ඔහු නිතැතින්ම ක්‍රියා කරේ තම ප්‍රකාශයද යොදා ගනිමින් තමන් හුදෙක් ක්‍රීඩකයාගේ ඉතා හොඳ ආධාර කරුවකුගේ ස්වරූපයෙන්ය. මෙම කරුණ මුල් කරගෙන ඔබත් මමත් තර්ක විතර්ක ගොඩනැගීමෙන් පලක් නැත."

"ඔහු වරදක් නොකර ඇත්නම් හොඳ මහත්මයෙක් මෙන් ඉදිරිපත්වී තමන්ට කියන්නට අවශ්‍ය දේ ප්‍රසිද්ධියේම කිව හැකිය. එමගින් එය නිවැරදි කරගත හැකිය. නමුත් ඔහු ක්‍රීඩකයාගෙන් අහන්නේ මොනවාද? ඔබ අහවල් කොටස් සමගත් සෙල්ලම් කරනවාද? එසේ නම් ඒවාද අහවල් එක මෙන් අහවල් විදියට වේ!. මෙවැනි ප්‍රකාශ වලින් තමන්ගේ උගත්කම හුදෙක් හෑල්ලුවට ලක් කිරීමක්ම පමණක් නොවේද mark සිදුකර ඇත්තේ? මෙවැනි ප්‍රසිද්ධ අනුවන ප්‍රකාශ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගත් පුද්ගලයෙකුට නම් කිසිසේත්ම නොගැලපෙන ඒවා බව ඉතා කණගාටුවෙන් වුවද ඔහුට මතක් කර දීමට සිදුවේ."

"බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට තමන්ට අවශ්‍ය දේ කෙලින්ම කීමේ සෘජු පිටකොන්දක් ඇති බව සෑම දෙනාම දන්නා කරුණකි. එය ඔවුන්ට තමන්ගේ උගත්කමත් සමගම තරුණ ජවයත් සමග නිතැනින්ම හිමිවන දක්ෂතාවයකි. විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු වල නියැලෙන සමයේ සමාජවාදය යටි ගිරියෙන් කෑමොර දෙමින් ප්‍රකාශ කරන බොහෝ දෙනා එයින් පිටවූ පසු ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ අනිකාට මොකක් වුනත් අපිට මොකෝ යන සිතැගි ඔස්සේ කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසක් නම් නොවේ. ඔහු මෙහිදී සිදුකර ඇත්තේද හුදෙක් එවැනිම වූ ක්‍රියාවක්ම නොවේ යැයි ඔහුට කෙලින්ම පැහැදිලි කිරීමක් කල හැකිද?"

"තමන් සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුකර ඇත්තේ තමන්ගේ වාසියට සරිලන ක්‍රියා පිලිවෙතක් නොවේ දැයි ඔහු තමන්ගේ හදවතට තට්ටු කර තම හෘදසාක්ෂියෙන්ම විමසා දැන ගත යුතුය. එය ප්‍රසිද්ධියේ කිසිම ලැජ්ජ භයකින් තොරව කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් නොවේදැයි තම තරුණ බුද්ධිය පාවිච්චි කොට ඔහුම අවබෝධයෙන් දැන ගත යුතු පරම සත්‍යයකි. ලැජ්ජ භය දෙක නොමැති පුද්ගලයෙකුට නොකල හැකි වරදක් නොමැති බව ක්‍රීඩකයා වැනි අයගේ ප්‍රසිද්ධ ප්‍රකාශ වලින්ම මොනවට ඔප්පුවේ."

"mark ද එවැනිම වූ පුද්ගලයන්ගේ ගොඩටම වැටේ නම් අප රටේ අනාගතය ඉතා වගකීමකින් භාරගැනීමට සිටින උගත් තරුණ පරපුරේ ඉතා අවාසනාවන්ත පිරිහීම, කඩාවැටීම එයින්ම පෙන්නුම් නොකෙරේද? සියල්ලම මුදල් මතම සිදුවේය යන බැලූ බැල්මටම මතුපිටින් පෙනෙන පුහු එනමුත් එය සත්‍යයක් මෙන් පෙනෙන කරුණ හමුවේ පසුපස හඹාගෙන ගොස් තමන්ට අවසානයේදී ලැබුනු දෙයක් නොමැති බව ඔය තරුණ ජවයත් සමග එක් වරම වටහා ගැනීමට නොහැකිවන අතර ජීවිතයේ අත්දැකීම් වැඩි වන තරමටම සත්‍යයටම පුද්ගලයා ලං වන බව අප අමතක නොකල යුතු කටුක ඇත්තකි."

"mark ද අනෙක් තරුණයන් මෙන්ම සුඛෝපභෝගීව ජීවත් වන්නට සිහින මවන්නෙක් වන්නේ නම් එය ඉතා ස්වාභාවික මිනිස් ගතියකි. එය මුදල් අතින් යම් අවශ්‍යතා ඇති සෑම කෙනෙකුගේම ඒකායන ප්‍රථම ඉලක්කය බවට පත්වේ. උගත් පුද්ගලයන් නූගත් අයගෙන් වෙන් කර ගත හැකි ප්‍රධානතම කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ ඇති උසස් මානුෂික ගති සිරිත් සහ තම උගත් කමේ ඇති උසස් ගෞරවය ආරක්ෂා කරගනිමින් එම උසස් ගුණාංග තව තවත් වැඩි දියුණු වන ආකාරයෙන් සමාජය ඉදිරියේ හැසිරීමත් තම එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමත්ය."

"එම නිසා mark ටද අපට කියන්නට ඇත්තේ හොඳ මහත්මයෙක් ලෙස කටයුතු කරමින් තමන්ගේ දියුණුව සලසා ගන්නා ලෙසය. අප මෙහිදී ඔහුට කෙලින්ම ඉලක්ක කර වාග් ප්‍රහාර දැඩිව එල්ල කර ඇති බව කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන නමුත් අපගේ ප්‍රාථමික ඉලක්කය වූයේ පොළොවේ පය නොගසා මිනිසුන් ලෙස නොවී අමුතුම දෙපා සතුන් මෙන් ජීවත් වීමට වෙර දරන සමාජයේ එක්තරා අධම පිරිසක් වෙතය. ඔවුන් නිතරම නොමැරෙන මිනිසුන් ලෙස සමාජයේ එක්තරා මවාගත් සිහින පාරාදීසයක ජීවත්වන බව නොරහසකි."

"එවැනි අයට තමන් පසුපස මාරයා සිටින බව ඉතා පහසුවෙන් අමතක වී එවැනි කිසිත් නොදන්නන් සේ ජීවත් වීමට නිතරම වෙර දරන ස්වභාවයක් ඇත. ඔවුන් අනුන්ගේ රිරී මාංෂ උරා බොන වැම්පයර් කුලයේ ඩ්‍රැකියුලාවන්ටත් වඩා ඉතා භයානකය. මෙහිදී අප ඔවුන්ට මතක් කර දී ඇත්තේ මොන සෙල්ලම් දාගෙන සිටියත් තමුන්ද දිනෙක මාරයාගේ වසගයට නිතැතින්ම යටත්වන බවයි. එය සිදුවන ආකාරයේ සීඝ්‍රතාවය හෝ තීව්‍රතාවය තමන් ජීවත්වන ආකාරය මත ඉතා පහසුවෙන් තීරණය කරගත හැකි බවද අපට ඔවුන්ට මතක් කරදී ඇත."

"අවසාන වශයෙන් ඔබගේ අදහස් දැක්වීම ගැන අප ඉතා සතුටුවන අතර mark සම්බන්ධයෙන් කීමට ඇත්තේ වැදගත් මහත්මයෙක් ලෙස තම උගත්කම ප්‍රදර්ශනය කිරීම හමුවේ ඔබට ඇති යම් චෝදනාවක් වේ නම් ඒවායින් පහසුවෙන් නිදහස් වීමටත් තම නිර්දෝෂීභාවය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඔප්පුකර පෙන්වීමටත් මේ අවස්ථාවේ සිට අවශ්‍ය තරමටත් වඩා ඉඩ පහසුකම් ඔබ වෙනුවෙන් අප සියලුම දෙනා එකතුවී මේ ෆෝරම් එක තුල විවෘත කර පවත්නා බවත්ය. ස්තුතියි."

Roboticfx

avatar
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
SB, you are very fluent in sinhala. You may working in a news paper company.

Market R

avatar
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Like "Sirasa Vimarshana" Wink

stevenapple


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Appreciate your work SomyBoy.Keep it up.

player

avatar
Moderator
Mark- You shouldn't be blamed from this lunatic, stop writing here buddy. Let the dog bark

cheers

geshan.weerakkody

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
Thank you SB for pointing out people/situations like this for new members who might otherwise get caught. Please continue the good work.

However, Mark may not be such a person...i am not sure on that.

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
[quote="player"]Mark- You shouldn't be blamed from this lunatic, stop writing here buddy. Let the dog bark

cheers[/quote]

"අහෝ, අපගේ අසහාය කපටි සූර වීර ක්‍රීඩකයානනි, අප ඔබ පැමිණ මෙහි මතක සටහනක් තබනා තුරු කෙතරම් කැමැත්තකින් බලා සිටියාද කපටි රජාණෙනි? අප ඔබව ඔබගේ කපටි දක්ෂතා හපන්කම් නිතර දෙවේලේ ඉතා ගාම්භීරව කථා කල සුර විමන වෙත සාදරයෙන් පිලිගනිමු. (නමුත් ඔබට මෙන් අපට අසීමිතව මුදල්වලට නම් කෑදර කමක් නැති බවද මතක් කල යුතුය)"

"අප ඔබගේ සැගවුනු දක්ෂතා සූර වීර කපටිකම් කල එලි දැක්වීම සඳහා විශේෂයෙන්ම වෙහෙස මහන්සිවී නිර්මාණය කරන ලද ඔබගේ සියලුම සුවිශේෂ කූට උපක්‍රම, බොරුව සහ වංචාව, රැවටීම යනාදිය කදිමව මුසුකොට සාදන ලද ස්ථානයටම පැමිණ ඉතා දක්ෂ ලෙස තම ගජ මිතුරාට කදිම උපදෙසක්ද දී ඇත. එය ඉතා වටිනා බව අපද පිලිගනිමු. එය දෛවයේ සරදමකට සිදු වූවා දැයි විටෙක අපට සිතේ."

"ඒ මන්ද යත් තවදුරටත් ඔබ වැන්නන්ට සහ ඔබගේ හෙන්චයියන්, චක්ගෝලයින් ඇතුළු අනුගාමිකයන් පිරිසට මේ ෆෝරම් එක තුල කපටි නරි රැලකගේ රග දැක්වීම් සිදුකර තම සිතැගි ඉටු කර ගැනීමට වෙනදා මෙන් පහසු නොවන නිසාය. එම නිසා කිසිදු අදහසක් නොදක්වන්න යැයි කීම නුවණට හුරුය. ඔබ මෙතෙක් කලක් ඔබගේ පිරිසක් සමග මෙහි පෙන්වූ නරි නාටක දැන් මුළු ලෝකයටම එළිදරව්වී හමාරය. ඔබ මහා ඉහලින් මේ තමයි නියම චිකන් කියා පෙන්වා තිබුනත් සතා මොකාදැයි කියා දැන් සියල්ලෝම දනිති."

"ඔබ ඇතුළු පිරිස දැන් සිටින්නේ පඹ ගාලක පැටලිලාය. දැන් ඔබ ඇතුළු පිරිසට මෙහි සිටින අය ගොනාට ඇන්දවීමට නම් දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා කණගාටුවෙන් වුවද කීමට සිදුවේ. ඔබගේ පුහු වහසි බස් දැන් මෙහි සිටින කිසිවෙක් සතේකටවත් මායිම් කරන්නේද නැත. එම කථා දැන් ඔබ වැනි මානසික විකෘතිතා වලින් පෙලෙන ධන කුවේරයන් නිතර යන එන රාත්‍රී සමාජ ශාලා වැනි ස්ථානවලටම සීමා කිරීමටද සිදුවිය හැක. අහෝ, තම ක්‍රියාවන් ඉතා උජාරුවෙන් තලු මරමින් රස කරමින් වටේටම අහන්නට සැලැස්වූ ඔබට සිදුවූ ඉරණමක මහත?"

"ඔබ වැනි අසීමිත ධන තණ්හාවකින් මත්වී මනස විකෘති කරගෙන, හිස උදුම්වාගෙන එසේම අසාමාන්‍ය අධි මානයකින් හා කෙසේ හෝ මුදල් ගැරීමේ විකෘති ආශාවකින් පෙළෙන, අනුන්ගේ මුදල් සැමවිටම කුමන හෝ කපටි පාදඩ ක්‍රියාවකින් තමන් සතු කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින පහත් පෙලේ නින්දිත අමන ආශාවකින් පසුවන තමන් සතු ධනයෙන් අසීමිතව මත්වී සිටින, උන්මත්තක කපටි පුද්ගලයන්ගේ ශරීර තුල දුවන්නේ මිනිසුන්ගෙන් ඉතා අසහනකාරී ලෙස අසාධාරණයෙන් සූරා කන ලද, වංචාවෙන් බොරුවෙන් සහ රැවටීමෙන් සොරකම් කරන ලද මිනිසත් කමට දැඩිව නිගාදෙන පහත් පෙලේ ක්‍රියාවන් අසීමිතව කිරීමෙන් ලබා ගන්නා ලද මුදල් වලින් මිලදී ගෙන ශරීර කූඩුව තුලට කිඳා බස්සවන ලද ආහාර පාන වල පෝෂණයෙන් සිරුර පුරා දුවන දූෂිත ලේ ධාරාවන්ගෙන් බවත් ඔබ වැනි ගහලයන්ට තරයේම මතක් කර දීමටද සිදුවේ."

"ඔබ වැනි එවුන්ගේ ශරීර තුල දුවන්නේ මිනිසුන්ගෙන් උරා ගන්නා ලද රිරී මාංෂ වල රුධිරය බවත් ඔබ වැනි අධම නීච පුද්ගලයන්ට ප්‍රසිද්ධියේම කියා සිටිය යුතුය. එහි වන්දි ගෙවීමට සිදුවන්නේ කෙසේ දැයි යන්න ඔබ ඇතුළු අමනයන් පිරිසට ඉහත ලිපි කියවීමෙන් නැවත නැවතත් ඉතා අමාරුවෙන් වුවත් තේරුම් ගැනීමට හැකිය. එය ඔබ ඇතුළුව මිනිස් වෙසින් සිටින දෙපා සුනඛයන්ට දැඩිව මතක් කර දීමටද අවශ්‍යය."

SomyBoy

avatar
Manager - Equity Analytics
Manager - Equity Analytics
"SHARK, Sstar, Gintonic, shadow walker, podda2, sampath.anuradha, Roboticfx, Market R, stevenapple, geshan.weerakkody, ඇතුළු ඔබ සියලුම දෙනාගේ ඉතා සතුටුදායක ධනාත්මක ප්‍රතිචාර හමුවේ, කුඩා පරිමාණයේ ආයෝජන වලින් කොටස් වෙළඳපල ගණුදෙනු වල නිරතව සිටින, ඉතා පහසුවෙන්ම රැවටීමට ලක්වීමට වැඩි අවකාශයක් ඇති අහිංසක මිනිසුන්ගේ මුදල්, ඉතා සූක්ෂම ලෙස සැලසුම් සහගතව කොල්ලකෑමේ ඉතාම පහත් නීච ක්‍රියා පිළිවෙතින් ඔවුන්ව හැකිතාක් දුරකටම මුදවා ගැනීමේ පරම චේතනාවෙන් ආරම්භ කරන ලද මෙම ක්‍රියාවලිය සඳහා අති බහුතරයකගෙන් අදහස් දැක්වීමෙන් හෝ නොදැක්වීමෙන් ලබාදුන් සහයෝගය මේ අවස්ථාවේදී ඉතා කෘතවේදීව සහ ස්තූති පූර්වකව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන අතර ඉදිරියටද මෙවැනි අධම පහත් පෙලේ අමන ක්‍රියාවන්හි ප්‍රසිද්ධියේ කිසිදු පැකිලීමකින් තොරව මෙවැනි ෆෝරම් භාවිතා කරමින් යෙදීමට පුල පුලා සූක්ෂම අයුරින් සැදී පැහැදී සිටින තිරිසන් ගතිගුණ ඇති පාදඩ ක්‍රීඩකයන්ට එවැනි නින්දිත ක්‍රියා පටිපාටි මෙහිදී සිදු කිරීමට කිසිදු අයුරකින් අනුබල දීමෙන් වැලකී සිටීමට උත්සුකවත් වීම වගකීමක් ඇති සියලුම බුද්ධිමත් මිනිසුන්ගේ පරම යුතුකමක් වන බවටද අප මෙහිදී මතක් කර සිටිමු."

"අද අන් අයෙක් පීඩාවට පත් කරන්නට උත්සාහවත් වන මෙවැනි පහත් පෙලේ පාදඩ ක්‍රීඩකයින්ගේ හෙට දවසේ ඉලක්කය ඔබ වීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව ඇති නිසා ඒ පිළිබඳව දැඩිව විමසිල්ලෙන් පසුවීමටද සිදුවන බව ඔබ සියලුම දෙනාට ඉතා සැලකිල්ලෙන් යුතුව දන්වා සිටිමු. මෙම ෆෝරම් එකේ සිටින තම හෘදසාක්ෂියට අනුව හැම විටම නිවැරදිමවූ සත්‍ය කරුණු ගෙනහැර දැක්වීම් වලින්, හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ වටිනා කාලය මිඩංගු කිරීමෙන්ද කොටස් වෙළඳපල ආයෝජන වල යෙදී සිටින පුද්ගලයන්ගේ ගැටළු විසඳා දීම මගින් ඔවුන්ට නිවැරදි මග පෙන්වීමක් සිදු කිරීමෙන්ද මිල කල නොහැකි අනගි සේවයක් ඉටු කරමින් ආයෝජකයින් දැනුවත් කිරීම සඳහා දරනු ලබන නොපසුබට වීර්යය සඳහා අපගේ හෘදයාංගම ස්තූතිය ඒ සියලුම උතුම් මිනිස් ගුණාංගයන්ගෙන් සමන්විත උත්තම මිනිසුන් උදෙසා නිතැතින්ම හිමිවන බවද මෙසේ දන්වා සිටිමු. ඔබ සියලුම දෙනාට ස්තුතියි."

prabath


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@stevenapple wrote:Appreciate your work SomyBoy.Keep it up.
Seems someboy can fool some.But you can't fool everyone all the time.My name is there on your detailed and made-up story but the problem is I know who I'm and that automatically makes you a damn lair for me.

Sstar

avatar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
Mark has been in this forum for many years and this is the first time a member had accused him of manipulation. Word manipulation is very strong and should not be used without proper evidence. Forum is not a court of law and accused is innocent until proven guilty. SB thank you for disclosing your observation for the attention of the members. This thread is closed now.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum